Total Pageviews

Android Studio | Sinhala Blog 003 | Blog 005

 ......Android Studio......


ආයුබෝවන්,
                    මම අද මාතෘකාවෙන් කතා කරන්න යන්නේ Android Studio කියන platform එක ගැන. සරලවම කිව්වොත් android studio කියන්නේ android apps හදන්න පාවිච්චි කරන Software එකක්. මේ software එක use කරලා අපිට පුලුවන් ඕනිම වර්ගයක android app එකක් හදාගන්න. මේ විදියට හදන app හඳුන්වන්නේ native apps කියලා.

                                            මේ විදියට android studio එක use කරලා android apps develop කරන්න නම් අනිවාර්යෙන් ඔයාට programming ගැන දැනුමක් තියෙන්න ඕනි වෙනවා. මේ සඳහා අපි android studio එකේදි ප්‍රධානවම use කරන්නේ Java සහ Kotlin කියන පරිගණක භාෂා දෙක. මේ භාෂා දෙක පිළිබඳව දැනුමක් තියනවා නම් ඔයාට පුළුවන් Android Apps develop කරන වැඩේ පටන් ගන්න.

Android Studio


📌මේ සඳහා ඔයාට ටිකක් powerful computer එකක් තියනවා නම් වැඩ කරන්න ලේසි වෙයි. මොකද මේ software එකට ටිකක් වැඩිපුර RAM එක use වෙනවා.

📌මුලින්ම ඔයා android Studio software එක download කරගෙන ඔයාගේ PC එකට Install කරගන්න ඕනි.

📌ඊටපස්සේ ඔයා code කරන ගමන් android app එක develop කරනකොට එතනදි වෙන වෙනස්කම් real time බලාගන්න emulator එකක් ඕනි වෙනවා එකට ඔයාට inbuild එන emulator එක use කරන්නත් පුළුවන් එහෙමත් නැත්තම් තමන්ගේ mobile phone එක use කරන්නත් පුළුවන්.

✍සරලව කිව්වොත් මේ විදියට තමා android apps develop කරන්නේ.


📌ඉතින් මට මේ blog එක හරහා ඔයාලට කියන්න ඕනි උනේ සරලව android app develop කරනවා කියන්නේ මොකද්ද කියන එක.

📌ඒක මෙහෙම කියනවා වගේ සරල ක්‍රියාවලියක් නෙමේ ටිකක් අපි හිතනවට වඩා සංකීර්ණයි ඒක නිසා ඔයාලා කැමැති නම් Android Studio Software එක download කරගෙන පොඩ්ඩක් app එකක් develop කරන්න try කරලා බලන්න. උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නෑ.

✔මම දන්න android development ගැන video කරන YouTube channel ටිකක් පහලින් සදහන් කරන්නම්. ඔයාලා කැමති නම් ඒ channel වලට ගිහිල්ල ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්න.

Channels :-  

🎁. Wam Molakarayo

🎁. KNOiT

🎁. SL Builds LK

🎁. Android Folks

🎁. Niroshan Kavinda


ස්තූතියි...!


🟡ඒ වගේම මම ඊළග blog එකෙන් Java ගැනත් කතා කරන්නම්. එතනින් ඔයාලට Java ගැන video කරන channel ටිකකුත් හොයල දෙන්නම්.

🔴ඔයාලා මට මඟහැරුණු ඔයාලා දන්න android development ගැන කියලා දෙන තව channel තියනවා නම් පහලින් Comment එකක් දාගෙන යන්න. අනිත් අයටත් එතකොට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්...




Comments

popular post

Welcome to the Blog

Followers