Bingiriya Dewagiri Rajamaha Viharaya | Sinhala Medium Blog 001 | Blog 001
...බිංගිරිය දේවගිරි රජමහා විහාරය...
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් දේවගිරි රජමහා විහාරය පිහිටා ඇත. බිංගිරිය නගරයට පැමිණ එතැන් සිට 0.5 km පමණ හලාවත ප්‍රදේශය දෙසට පැමිණෙන විට දකුණු ඇත පැත්තෙන් පන්සලට පිවිසෙන වාහල්කඩ දැකගැනීමට හැකියාවක් ලැබේ. මෙම වකල්කඩ පසුකර 1 km පමණ ඉදිරියට යන විට දේවගිරි රජමහ විහාරය හමුවේ.
අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන මනස්කාන්ත පරිසරයක පිහිටි බිංගිරිය දේවගිරි රජමහ විහාරය දේවානම්පියතිස්ස රජසමයේ රජුගේ සොහොයුරෙකු වූ මහානාග යුවරජු විසින් නිමවා ඇති බවට අතීත මුලාශ්‍රවල සදහන් වේ.පුරාවෘතයන්හි සදහන් වෙන පරිදි වෙළද කණ්ඩායමක් විසින් තමන් රැගෙන් පැමිණි සර්වඥ ධාතුන් වහන්සේලා හා පුජා භාණ්ඩ ගිරිහඩු ගසක තම්පත්කොට තම වෙලදාම් කටයුතු සදහා ගොස් යලි පැමිණෙන විට සර්වඥ ධාතුන් සමග මෙම වෘක්ෂය ද මහ පොළොවට ගිලා බැස තිබී ඇත. මෙය අසන්නට ලැබුණු මහානාග රජතුමා මෙම ස්ථානයේ චෛත්‍යක් හා විහාරාරාමයක් ඉදිකරවා සංගාවාසයක් ද ඉදිකරවා ගම්වරයක් ද ලබාදුන් බව එහි සදහන් වෙයි.
මහාවංසයේ සදහන්වන පරිදි පළමුවන අග්බෝ රජු විසින් මෙම චෛත්‍ය රාජයාණන් නැවත ප්‍රතිසංස්කරණය කර ඇති අතර මෑත ඉතිහාසයේ 1966 වර්ෂයේ කොත්කැරැල්ලට චුඩාමානික්‍යක් පළදවා ඇත් පව්රක්ද ඉදිකරවා සම්පුර්ණ වැඩ නිමකරවා ඇති බව සදහන් වේ.
මෙම චෛත්‍ය වයඹ පළාතේ පිහිටි විශාලතම චෛත්‍ය ලෙසද සැලකේ.
සංගමිත්තා මෙහෙණින් වහන්සේද මෙම පුදබිමට වැඩම කර ඇති බවට අතීත පුරවෘතයන්හි සදහන් වේ. පළමුවන අග්බෝ රජ සමයේ ක්‍රි.ව. 563 දී පමණ මෙම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පැවතුනු බවටද අතීත තොරතුරු ඇත. පසුකාලීනව රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙහි බෝධීන් වහන්සේ නමක් රෝපණය කල බවටද ඓතිහාසික තොරතුරු සක්ෂිදරයි.
මෙහි පිහිටි ටැම්පිට විහාරයද අවට පිහිටි පුරාවිද්‍යා නටබුන්ද අතීත ශ්‍රී විභූතිය මනාව විදහාපායි. මෙම ටැම්පිට විහාරය මහනුවර යුගයට අයත් කැටයම් හා සිතුවම්වලින් නිමවා ඇති අතර මෙය කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ඉදිවුවක් බවට එය සක්ෂිදරයි. මෙය ශ්‍රී ලංකාවේ ඇති විශාලම ටැම්පිට විහාරයද වෙයි.
වසර 2300 ක් පමණ පැරණි මෙම බිංගිරිය දේවගිරි රජමහ විහාරයේ රහතන් වහන්සේලා ද වැඩසිටි බවට අතීත ජනප්‍රවාදයේ සැලකෙයි.
මෙම Video එක මගින් මේ පිළිබද තවත් විස්තර දැන ගැනීමට හැකියාව ලැබේ.

Comments
Post a Comment