IdeaMart AppMaker | Sinhala Blog 004 | Blog 007
.....IdeaMart AppMaker.....
ආයුබෝවන්,
අද මේ blog එකෙන් මම කතා කරන්න යන්නේ Coding දැනුමක් නැති කෙනෙකුට උනත් තමන්ගේම කියලා app එකක් නිර්මාණය කරගන්න පුළුවන් platform එකක් ගැන. ඒ තමයි Dialog IdeaMart AppMaker කියන platform එක.
📌මෙතනදි අපිට AppMaker කියන site එක හරහා App එක නිර්මාණය කරගන්න පුළුවන්. මේ සදහා ඔයාලගෙන් කිසිම මුදලක් අයකරන්නේ නෑ. ඒක තමයි මෙතන තියන විශේෂම දේ.
📌මෙතනදි AppMaker site එකට ගිහිල්ලා අපිට Free register වෙන්න පුළුවන්.
📌ඊටපස්සේ අපිට එයාලා දීලා තියන template එකක් තෝරාගෙන App එක හදන වැඩේ පටන් ගන්න පුළුවන්.
📌කිසිම coding දැනුමක් නැති කෙනෙකුට උනත් මේ platform එක හරහා තමන්ගේ idea app එක නිර්මාණය කරගන්න පුළුවන්.
📌මෙහෙම app එක නිර්මාණය කරගත්තාට පස්සේ අපිට app එක submit කරලා දවස් දෙකක් වගේ ඇතුළත් approval එක ගන්න පුළුවන්. ( සැ.යු. :- එයාලගේ terms and conditions වලට අනුව app එක හදලා නම් විතරයි approval එක හම්බෙන්නේ.)
✍ඊට පස්සේ අපි කැමැති නම් අපේ play console එක හරහා අපිට playstore එකට upload කරන්නත් පුළුවන් (Google Play Console එක buy කරන්න අපිට 25$ විතර වියදම් කරන්න වෙනවා.-2021/05/18-).
🎁එහෙමත් නැත්තම් අපි කැමැති නම් IdeaMart Support team එකෙන් අපි හදපු app එක අපෙන් කිසිම මුදලක් අය කරන්නේ නැතුව Playstore එකට upload කරලා දෙනවා.
📃💵💴💶මේ හරහා අපිට කිහිප ආකාරයකට මුදල් උපයන්න පුළුවන්.
1. App එකේ paid category විදියට වෙනම category ටිකක් හදලා ඒ category use කරන්න නම් user ට අපිට subscription එකක් දෙන විදියට හදන්නත් පුළුවන්.
2. එහෙමත් නැත්තං App එක free හදලා Admob හරහා මුදල් උපයන්න උනත් පුළුවන්.
*********************************************************************************************************
📰මම පහත සදහන් කරන details හරහා ඔයාලට මේ වැඩේ පටන් ගන්නත් IdeaMart team එකෙන් support එක ගන්නත් පුළුවන්.
♦. AppMaker :- https://dashboard.appmaker.lk/
♦ 📧 Email :- info@ideamart.io
♦ YouTube :- IdeaMart TV
♦ Facebook :- ideamartlk
ස්තූතියි...!
✍මට මඟහැරුණු කරුණු තියනවා නම් Comment එකක් දාන්න. එතකොට අනිත් අයටත් ඒක ප්‍රයෝජනවත් වෙයි.

Comments
Post a Comment