G5 MCQ | Sinhala Blog 006 | Blog 011
.......G5 MCQ.......
Hi,
මම අද මේ blog එකෙන් ඔයාලට කියන්න යන්නේ මම නිර්මාණය කරපු G5 MCQ App එක ගැනයි. මම මේ app එක නිර්මාණය කලේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින නංගිලා සහ මල්ලිලා වෙනුවෙන්. ඉතින් මේ app එක භාවිතා කරමින් ඔවුන්ට පරිසරය, සිංහල, ගණිතය ආදී විෂයන් වලට පිළිතුරු සැපයිය හැකිය.
මෙහිදී පරිසරය ප්‍රශ්නවලට වැඩි ඉඩකඩක් ලබා දී ඇත. එයට හේතුව වන්නේ මෙම App එක නිර්මාණය කර ඇත්තේ MCQ නැතහොත් බහුවරණ ප්‍රශ්න සදහා වන බැවිනි. එමෙන්ම පරිසරය විෂය සදහා වෙන වෙනම පාඩම්වලට අදාලව ප්‍රශ්න පත්‍ර සැකස ඇති අතර එය නැවත නැවත යාවත්කාලින කෙරේ.
එපමණක් නොව මෙහිදී app එක පාවිච්චි කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් සතිපතා වෙනම ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන අතර මෙහිදී වැඩිපුරම ලකුණු ලබාගෙන පළමු ස්ථාන 10 අතරට පැමිණෙන නංගිලා සහ මල්ලිලාගේ නම් Top 10 in this week නමින් වෙනම පුවරුවක් තුල දිස්කරනු ලැබේ.
මෙම app පාවිච්චි කිරීමේදී දිනකට රු.3 ක පමණ මුදලක් යවන අතර එම ගෙවන මුදල සදහා ඔබට මෙම App එක තුල ඇති ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඕනෑම වතාවක් කිරීමට අවස්ථාව ලබා දී ඇත. එබැවින් ඔබට මෙම app එක තුල ඇති ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඕනෑම වෙලාවක log වී පිළිතුරු සැපයිය හැක.
📌එමෙන්ම පහත ලින්ක් එක භාවිතා කර App එක download කරගත හැක.
Download link :- Click this
📌මෙම app එකේ කරන නවතම updates දැන ගැනීමට පහත Link එක click කර අපගේ Telegram එකට join වෙන්න.
Telegram Channel :- Click this
G5 MCQ App එක ගැන කුමක් හෝ ප්‍රශ්නයක් ඇති නම් mylab.me@gmail.com යන email එකට පණිවිඩයක් යොමු කරන්න.
ස්තුතියි...!

Comments
Post a Comment